PetitionOnline.uk

ශ්‍රි ලංකාද්වීපයේ මහා සම්මත මහ රජතුමාණන් වහන්සේගේ රාජ්‍යත්වය අපි පිලිගම්හ.

ක කාරියකරවන රාල හා මිනිසත්බව සුරැකීමේ පක්ෂය මහලේකම් නීතිවේදී දුමිඳු සමරසේකර 0770890268 · LK

ශ්‍රී ලංකාද්වීපයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකදී පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට පටහැනිව අසත්‍ය කරුණු ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාව ලෙස කථානායකවරයා විසින් අත්සන් කර නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවන ඉංග්‍රීසි භාෂා පිටපතක් ඉදිරිපත් කර එය භාවිතයෙන් 19 වැනි සංශෝධනය පිලිබද තීරණය මගින් දෝශ සහගත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කූඨ ලෙස සංශෝධනය කර ඇත.

    එකී ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාව සිංහල භාෂා නීත්‍යානුකූල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරස්පර බව 2025 අගෝස්තු මස 11 වැනි දින මැතිවරණ කොමිෂන් සභා සභාපති විසින් ජනාධිපතිවරයා වෙත ඉහත කී ඉංග්‍රීසි භාෂා පිටපත සංශෝධනය කරන ලද ලෙස ඉල්ලා නීතීඥවරු 209ක් අත්සන් කර යවන ලද ලිපිය පිලිබඳව අවධානය යොමුකර පෙන්වාදීම මගින් වැඩිදුරටත් හෙළිදරව් වී ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) හා 62(2) ට පටහැණිව ජනාධිපති හා පාර්ලිමේන්තු ධූරකාලය වසර 5 දක්වා මෙයින් කූඨ ලෙස අඩු කිරීමේ 1 ලින්කුවේ පරිදි පැමිණිලි කර ඇති මෙම රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණය මගින් නීත්‍යානුකූල ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයේ සිටියදී නීති විරෝධී ජනාධිපතිවරණයක් පවත්වා නීති විරෝධී ජනාධිපති කෙනෙක් නිර්මාණය කරන ලදී. ඉන්පසු එම නීති විරෝධී ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරු හැර නීති විරෝධී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නීති විරෝධී වංචණික පාර්ලිමේන්තුවක් ස්ථාපිත කර ඇත.

    එසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ තුන්වෙනි ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) හා 62(2) සංශෝධනය වී නොමැති හෙයින් 2019 ජනාධිපතිවරණයෙන් පත් වූ ජනාධිපතිවරයාගේ ධූරකාලය 2025 නොවැම්බර් 17 වැනි දින දක්වා බල පවත්වා ඉන්පසු අවසාන වී ඇත. 2020 වර්ෂයේදී පත් වූ නමවෙනි පාර්ලිමේන්තුවේ ධූර කාලය 2026 වර්ෂ අනුරූප දිනය දක්වා ඉදිරියට පවතී. ඔවුන්ගේ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා යවන ලද ලිපියට නීතිපති දෙපාර්තමේන්තුව එවන ලද පිලිතුර 2 ලින්කුවෙන් දැක්වේ.

    නීති විරෝධී ජනාධිපතිවරයා හා නීති විරෝධී දස වන පාර්ලිමේන්තුව විසින් කරනු ලබන නීති විරෝධී පත්වීම් කිසිවක් අපි පිළිනොගන්නා අතර එසේ හෙයින් ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය නායකයා වන නීත්‍යානුකූල ජනාධිපතිවරයෙක් නොමැති බැවින් ශ්‍රී ලංකා ජනරජය අරාජිකභාවයට පත්වීම වැළැක්වීම උදෙසා දැනටත් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති පරිදි නීත්‍යානුකූල ජනාධිපතිවරණයක් පවත්වන තෙක් 3 , 4 හා 5 ලින්කු වලින් ප්‍රසිද්ධ වන්නාවූද  රාජ්‍ය විචාරණ ශ්‍රි ලංකාද්වීපයේ මහා සම්මත මහරජතුමා ශ්‍රී ලංකාවේ උත්තරීතර රාජ්‍ය නායකයා ලෙස අපි පිලිගම්හ.

1.රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය  https://www.facebook.com/100000610093057/posts/pfbid0Bt2hvSrENSR13tV428V47idPSieA86cjkp9kR3w6K8MWEuk4RiUXXD41aYeGiiEkl/?app=fbl

2. ආරක්ෂාව ඉල්ලීම   https://www.facebook.com/100000610093057/posts/pfbid0PJiaDUDmZBmJKkJiFMr23rKCFAajNgoppw7b9MU3wiGDaAW8Z4JeBNYieAg6KtTQl/?app=fbl 

 3. මව්බිම ඉරිදා විශේෂාංගය   https://www.facebook.com/100000610093057/posts/pfbid089ggaxihGVgHHjB9k3xEHnZqfXwLey5uB39KmJm4cSTtk96VZrx9JyH26ESFcmHRl/?app=fbl

4.රාජ ධූරාවලිය   https://youtu.be/tpTpGboRM5I?si=hy3vB3W-UI6DZZ8c

5. රාජ සභාවට එකතුවන්න. 0770890268  https://t.me/pjmsrajasabhawa

 

 

Share this petition

Help this petition get more signatures.

Paste the link into a message and send it to friends who might sign.

Scan to sign

Show this code to a friend: they point their phone camera at it and can sign right away.




Paid advertising

PetitionOnline.uk will advertise this petition to 3,000 people.

Learn more...

Choose your budget
Payment method
Payment method